ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...
ජීවිතය නැමති මහා ධාවන තරගය පුදුමාකාර ය .සහභාගිවීම අනිවාර්යය .සහභාගී වන්නන් අනිවාර්යයෙන්ම තරඟ කළ යුතුය.බාධක නම් එමටය.බාධක තරණය කරන්න සේම නොහැක්කන් අතර මගදී ඉන් ඉවත් වන්නේ තරග කරන්න නොහැකි නිසාම නොවේ.එක්කෝ ඉන් එහා තරග වදින්නට ඔවුනට ශක්තියක් නැත.නැතිනම් ඒ ඔවුන්ගේ තරග කාල සීමාවේ අවසානය බව ඔවුන් විසින්ම තීරණය කරන බැවිනි.
ඇතැමෙකු තමාට නොලැබෙන දේ ගැන පසුතැවෙති.තවකෙකු නො ලැබෙන දෑම පසුපස පන්නති.ජීවිතය නැමැති මහා ධාවන තරඟයේ එකා පසුපස එකා හඹා යෑමට සියල්ලෝ උත්සුක වෙති.මාද ඔබද අප සියල්ලෝ හති වැටෙන තෙක් දුවති.අනෙකෙකු ගැන තබා තමා ගැනවත් සිතන්නට කාලයක් නොමැත .
එක් මොහොතක් හෝ නැවතී සිතන්න.තවකෙකු දුවන්නා සේ ඔබද දුවන්නන් වාලේ දිය යුතුද?ජීවිතය මෙය ද ?
ජීවිතයට ඉඩක් දෙන්න .ඔබ ඔබම වන්න.තරග කරන්න.නමුත් ඒ තරඟයේ ජයග්රහණය තමන් තනිව භුක්ති විඳිනවාට වඩා තවකෙකුට දිනවන්නට උත්සාහ කරන්න.මන්දයත් තරඟ අවසානයේ ඉතිරි ව ඇත්තේ තවත් තරඟයක ආරම්භයක් පමණි. පසුතැවීමට හෝ දුක් වීමට තවත් කාලයක් නොමැති බැව් වැටහෙන යාමය ඔබගේ අවසාන හුස්ම පොද විය හැකියි......

Hmmm true story
ReplyDeleteThanak you
DeleteClap clap
ReplyDeleteYes!True story
ReplyDeleteGood one..Keep it up..
ReplyDelete