කවුද වැරදි??
අද වන විට සමාජය තුල අහන්නට දකින්නට ලැබෙන්නේ අනපේක්ෂිත සිදුවීම්ය. විශේෂයෙන් අද වනවිට සිය දිවි නසා ගැනීම්, අපචාර කිරීම් ආදී වූ ඉතා දරුණු ක්‍රියා මාර්ග කෙරේ මිනිසා පෙලඹී ඇත.ආධ්‍යාත්මික වශයෙන් පුද්ගල මනස සංවර්ධනය වනවාට වඩා ප්‍රචණ්ඩත්වය කෙරේ පුද්ගල මනස නිර්මාණය වීමට හේතු මොනවාදැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන් නව මාධ්‍යයේ ආගමනයත් සමඟ සමාජ ජාලා වෙත ආසක්ත වූ පුද්ගලයා අන්තර්ජාලය හරහා ජීවිතය සොයන්නට පෙලඹී ඇත.FaceBook ,Instargram,whats app,viber ආදී වූ සමාජ මාධ්‍ය ජාලා හරහා ඇසෙන ප්‍රේම කතා දැන් දැන් සුලභය.නමුත් සැබෑවටම ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමයක්ද නැතහොත් රංගනයක්ද යන්න ඔවුන්ද නොදන්නවා විය හැක.මෙසේ ප්‍රේමය පැතුවෝ කියෙන් කි දෙනක් අද වන විට සිය ජිවිතයෙන් සමුගන්නේදැයි ගනන් කල නොහැකි තරම්ය. මේ මොහොතේ පවා අන්තර්ජාලය හේතුවෙන් කී දෙනෙකු නම් විපතට පත් වනවා ඇතිද??නමුත් අන්තර්ජාලය විපතක්ද? නැත එය කිසිසේත්ම පිලිගත නොහැක.ගැටලුව ඇත්තේ එය පරිහරණය කරන අපගේය. එය යොදා ගන්නා ක්‍රමවේදයේ වැරදිකරුවා අප මිස අන්තර්ජලය නම් නොවේ. ...