ප්‍රේමයේ හිමිකම



බොහෝ පෙම්වත්හු ප්‍රේමය අයිතිවාසිකමක් සේ සලකති.ප්‍රේමය තුල හිමිකමක් ඇති විය යුත්තේ මගේය යැයි කඩදහියක් මත අත්සන් කොට ලබන හිමිකමක් නම් එය හුදෙක් අත්පත් කරගැනීමක් පමණි.මවක් තම කුස තුල සිටින දරුවා නොදැකම ප්‍රේම කිරීමට පටන් ගනී රක්ත වර්නයෙන් ශ්වේත වර්නයට හැරෙන්නේ ඇයගේ ප්‍රේමයේ  යතාර්ථය නොවේද? ප්‍රේමය අයිතියක් නම්  තම කුඩා ප්‍රානියා වැඩිහිටියකු බවට පත් වී තවත් ප්‍රේමයක් වෙත දොරගුලු විවර කරද්දී ප්‍රේමයේ අයිතිවාසිකම් ඉල්ලිය යුත්තේ ඇයයි. ඇය ඔබට හේතු රහිතව අයිතිවාසිකමක් නොමැතිව ප්‍රේම කරයි.ඔබ වෙනුවෙන් සීමා රහිතව ප්‍රේම කරයි. තාරුණ්‍ය තුල මෙවැනි ප්‍රේමයක් බලාපොරොත්තු විය හැකිද? නමුත් තාරුණ්‍යය ප්‍රේමය තුල හුදෙක් නීති රීති , සැකය , අවිශ්වාසය , ප්‍රතිරූපය ආදී එකි මෙකී නොයෙකුත් සීමා මත සිට වැරදි විනිශ්චයන් වෙත එලබෙති. එකිනෙකා තුල පවත්නා මානුෂික හැගීම් තේරුම් නොගැනීම තුල ප්‍රේමය මේ යැයි වරදවා වටහා ගනිති.නමුත් සැබෑ ප්‍රේමය නම් ඔහු හෝ ඇය ඔබගේ නොවූවද එක් සිනහවකින් හෝ ඔබව ජිවත් කරවන සොදුරුතම හැගීමයි. අයීතීන් වලටම පමනක් සීමා වූ ලෝකයක හද පන නන්වන හද ගැස්ම ප්‍රේමයයි. සැබෑ ප්‍රේමය නම් හිමි කර ගැනීම නොව ජිවිතය ජිවත් කරවන හේතු විරහිත සුන්දරතම හැගීමයි.රත්න ශ්‍රී මහතා පවසන ආකාරයට නම්,
     "සැබෑ පෙම්වතුන් කිසි දිනකත් එක් නොවේ.....
එක් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ....
වෙන්වූවන් සදහටම සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වේ...."


Comments

Popular posts from this blog

සර් ආතර් කොනන් ඩොයිල් විජ්ජාකරුවෙක්ද????

ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...

ආදරනීය දෙවොන්දරා සං