කවුද වැරදි??


අද වන විට සමාජය තුල අහන්නට දකින්නට ලැබෙන්නේ අනපේක්ෂිත සිදුවීම්ය.
විශේෂයෙන් අද වනවිට සිය දිවි නසා ගැනීම්, අපචාර කිරීම් ආදී වූ ඉතා දරුණු ක්‍රියා මාර්ග කෙරේ මිනිසා පෙලඹී ඇත.ආධ්‍යාත්මික වශයෙන් පුද්ගල මනස සංවර්ධනය වනවාට වඩා ප්‍රචණ්ඩත්වය කෙරේ පුද්ගල මනස නිර්මාණය වීමට හේතු මොනවාදැයි සොයා බැලිය යුතුය.
              විශේෂයෙන්  නව මාධ්‍යයේ ආගමනයත් සමඟ සමාජ ජාලා වෙත ආසක්ත වූ පුද්ගලයා අන්තර්ජාලය හරහා ජීවිතය සොයන්නට පෙලඹී ඇත.FaceBook ,Instargram,whats app,viber ආදී වූ සමාජ මාධ්‍ය ජාලා හරහා  ඇසෙන ප්‍රේම කතා දැන් දැන් සුලභය.නමුත් සැබෑවටම ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමයක්ද නැතහොත් රංගනයක්ද යන්න ඔවුන්ද නොදන්නවා විය හැක.මෙසේ ප්‍රේමය පැතුවෝ කියෙන් කි දෙනක් අද වන විට සිය ජිවිතයෙන් සමුගන්නේදැයි ගනන් කල නොහැකි තරම්ය. මේ මොහොතේ පවා අන්තර්ජාලය හේතුවෙන් කී දෙනෙකු නම් විපතට පත් වනවා ඇතිද??නමුත් අන්තර්ජාලය විපතක්ද? නැත එය කිසිසේත්ම පිලිගත නොහැක.ගැටලුව ඇත්තේ එය පරිහරණය කරන අපගේය. එය යොදා ගන්නා ක්‍රමවේදයේ වැරදිකරුවා අප මිස අන්තර්ජලය නම් නොවේ.
                       මිනිසා අනෙක් ජීවින්ගෙන් වෙනස් වන්නේද මිනිසා සතුව ඇති බුද්ධිය නිසාය.එසේ නම් මෙකී බුද්ධිය යොදා නොගන්නේ මන්ද.නව මාධ්‍යන් භාවිතා කිරීම නිසා වැරදි කරන්නට පෙලෙඹේ වැනි පුස් තර්ක කෙරේ සිතන්නට පෙලබෙනවාද නැත්නම් බුද්ධිමත් ජීවියකු ලෙස අන්තර්ජාලය තුල සැරිසරනවාද යන්න ඔබ සතු වගකීමකි. එකිනෙකා කෙරේ චෝදනා කිරීම පසෙකලා වැරදුනේ කොතනද යන්න සොයා බැලුවහොත් වරද ඔබ අතේ මිස අන්කිසිවෙකුගේ නොවන බව ඔබටම තේරුම්ගත හැක.



Comments

  1. කාලීන වශයෙන් සාකච්ඡා කල යුතුම මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් මෙම මාතෘකාව පිලිබද සමාජය තුල විවිධ කතිකාවන් ගොඩ නැගුනත් තවදුරටත් ගැටලුවට විසදුමක් නොමැතිව සංකීර්ණ වී ඇත

      Delete
  2. Very interesting post,want to discuss this deeply

    ReplyDelete
  3. අද වන විට වන විට මෙම මාතෘකාව ඔස්සේ සමාජයේ විවිධ කතිකාවන් ගොඩනැඟුව ද මේ වන විටත් හරවත් කතිකාවතක් හරවත් ප්‍රතිඵලයක් සමාජ ගත වී නොමැත .

    ReplyDelete
    Replies
    1. මේ ඒ සදහා දරන තවත් එක් උත්සහයකි

      Delete

Post a Comment

Popular posts from this blog

සර් ආතර් කොනන් ඩොයිල් විජ්ජාකරුවෙක්ද????

ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...

ආදරනීය දෙවොන්දරා සං