Posts

ආදරනීය දෙවොන්දරා සං

ආදරනීය දෙවොන්දරා සං, මතකද දුන් පොරොන්දුව හිමි නොවනා හිත හිමි බව කීවා මලවුන්ගේ අවුරුදු දා......... මන් ඉන්නේ නුබ බලාන ආයෙත් මග එතැයි සිතා..... ඔබ මා පමනක් එක්වන මලවුන්ගේ අවුරුදු දින ඉක්මනින්ම මා බලන්න නුබ එන්නට ඇයි පමාව......... තවත් නොරිකො කෙනෙකුන් හට දුනිද හිතත් මේ වෙනකොට කොහොම උනත් මන් බලාන ඉන්නම් මලවුන්ගේ දින......... නිම්නාවී

කවුද වැරදි??

Image
අද වන විට සමාජය තුල අහන්නට දකින්නට ලැබෙන්නේ අනපේක්ෂිත සිදුවීම්ය. විශේෂයෙන් අද වනවිට සිය දිවි නසා ගැනීම්, අපචාර කිරීම් ආදී වූ ඉතා දරුණු ක්‍රියා මාර්ග කෙරේ මිනිසා පෙලඹී ඇත.ආධ්‍යාත්මික වශයෙන් පුද්ගල මනස සංවර්ධනය වනවාට වඩා ප්‍රචණ්ඩත්වය කෙරේ පුද්ගල මනස නිර්මාණය වීමට හේතු මොනවාදැයි සොයා බැලිය යුතුය.               විශේෂයෙන්  නව මාධ්‍යයේ ආගමනයත් සමඟ සමාජ ජාලා වෙත ආසක්ත වූ පුද්ගලයා අන්තර්ජාලය හරහා ජීවිතය සොයන්නට පෙලඹී ඇත.FaceBook ,Instargram,whats app,viber ආදී වූ සමාජ මාධ්‍ය ජාලා හරහා  ඇසෙන ප්‍රේම කතා දැන් දැන් සුලභය.නමුත් සැබෑවටම ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමයක්ද නැතහොත් රංගනයක්ද යන්න ඔවුන්ද නොදන්නවා විය හැක.මෙසේ ප්‍රේමය පැතුවෝ කියෙන් කි දෙනක් අද වන විට සිය ජිවිතයෙන් සමුගන්නේදැයි ගනන් කල නොහැකි තරම්ය. මේ මොහොතේ පවා අන්තර්ජාලය හේතුවෙන් කී දෙනෙකු නම් විපතට පත් වනවා ඇතිද??නමුත් අන්තර්ජාලය විපතක්ද? නැත එය කිසිසේත්ම පිලිගත නොහැක.ගැටලුව ඇත්තේ එය පරිහරණය කරන අපගේය. එය යොදා ගන්නා ක්‍රමවේදයේ වැරදිකරුවා අප මිස අන්තර්ජලය නම් නොවේ.         ...

සර් ආතර් කොනන් ඩොයිල් විජ්ජාකරුවෙක්ද????

Image
ලෝකය පුරා පාඨකයන් රැසකගේ අවධානය දිනා ගත් කතා මාලාවක් ලෙස ෂර්ලොක් හෝම්ස් කතා මාලාව හදුන්වා දිය හැකියි.එකී නිර්මාණයේ හිමිකරු වන්නේ සර් ආතර් කොනන් ඩොයිල්ය.ඩොයිල් උපත ලබන්නේ වර්ෂ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩිංබ්‍රෝ නුවරයි.පියා චාල්ස් ඩොයිලි වූ අතර මව මේරි ඩොයිලි නම් විය.පියාගේ අභාවය නිසා කුඩා ඩොයිල්ගේ වගකීම ඔහුගේ ධනවත් මාමලා විසින් භාරගන්නා ලදී. 1877 දී වෛද්‍ය විද්‍යව හැදෑරීම සදහා ආතර්ට  එඩිංබ්‍රෝ සරසවියට ඇතුලු වීමට හැකි විය. 1885 වර්ෂයේදී ලූයි හෝකින්ස් මෙනවිය සමග යුග දිවියට පිවිසීමත් සමග ලැබුණු විවේක කාලය ගත කලේ රහස් පරීක්ෂක කතා අධ්‍යනයේ යෙදෙමිනි.                      ඩොයිලිගේ ප්‍රථම රහස් පරීක්ෂක කතාව ලෙස A study In Scarlet පෙන්වා දිය හැක.නමුත් ඔහුගේ මෙම නිර්මාණය සඟරා කිහිපයකටම යැවුවද දිගින් දිගටම ප්‍රතික්ෂේප විය.නමුත් "වෝඩ් ලොක්" නම් ප්‍රකාශන සාමාගම මෙය ප්‍රාකාශයට පත් කිරීම බාර ගත් අතර 1887 වසරේදි ප්‍රකාශයට පත් විය.1890දී "ස්ට්රෑන්ඩ්" සඟරාව විසින් ෂර්ලොක් හෝම්ස් කතා රචනා කරන ලෙස ඩොයිල්ගෙන් ඉල්ලා සිටියේය.ඉතා ට...

ප්‍රේමයේ හිමිකම

බොහෝ පෙම්වත්හු ප්‍රේමය අයිතිවාසිකමක් සේ සලකති.ප්‍රේමය තුල හිමිකමක් ඇති විය යුත්තේ මගේය යැයි කඩදහියක් මත අත්සන් කොට ලබන හිමිකමක් නම් එය හුදෙක් අත්පත් කරගැනීමක් පමණි.මවක් තම කුස තුල සිටින දරුවා නොදැකම ප්‍රේම කිරීමට පටන් ගනී රක්ත වර්නයෙන් ශ්වේත වර්නයට හැරෙන්නේ ඇයගේ ප්‍රේමයේ  යතාර්ථය නොවේද? ප්‍රේමය අයිතියක් නම්  තම කුඩා ප්‍රානියා වැඩිහිටියකු බවට පත් වී තවත් ප්‍රේමයක් වෙත දොරගුලු විවර කරද්දී ප්‍රේමයේ අයිතිවාසිකම් ඉල්ලිය යුත්තේ ඇයයි. ඇය ඔබට හේතු රහිතව අයිතිවාසිකමක් නොමැතිව ප්‍රේම කරයි.ඔබ වෙනුවෙන් සීමා රහිතව ප්‍රේම කරයි. තාරුණ්‍ය තුල මෙවැනි ප්‍රේමයක් බලාපොරොත්තු විය හැකිද? නමුත් තාරුණ්‍යය ප්‍රේමය තුල හුදෙක් නීති රීති , සැකය , අවිශ්වාසය , ප්‍රතිරූපය ආදී එකි මෙකී නොයෙකුත් සීමා මත සිට වැරදි විනිශ්චයන් වෙත එලබෙති. එකිනෙකා තුල පවත්නා මානුෂික හැගීම් තේරුම් නොගැනීම තුල ප්‍රේමය මේ යැයි වරදවා වටහා ගනිති.නමුත් සැබෑ ප්‍රේමය නම් ඔහු හෝ ඇය ඔබගේ නොවූවද එක් සිනහවකින් හෝ ඔබව ජිවත් කරවන සොදුරුතම හැගීමයි. අයීතීන් වලටම පමනක් සීමා වූ ලෝකයක හද පන නන්වන හද ගැස්ම ප්‍රේමයයි. සැබෑ ප්‍රේමය නම් හිමි කර ගැනීම...

නොකී කවි

Image
නොකී කවි පාට පාට හීන පොකුරු ගුලි එකතු කර වර්ණ ගැන්වී හිත තුල නුබෙ නමින් වූ සිතුවමකි ප්‍රේමයෙන් හැඩ වූ කාලයක් ගෙවී ගිය නොදැනී රටාවන් එකිනෙක බොදවී වර්ණයන් අවපැහැ ගැන්වී සිතුවමක් ඇත  අද කදුලින් දියවී නිම්නාවී

ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...

ජීවිතය නැමති මහා ධාවන තරගය පුදුමාකාර ය .සහභාගිවීම අනිවාර්යය .සහභාගී වන්නන් අනිවාර්යයෙන්ම තරඟ කළ යුතුය.බාධක නම් එමටය.බාධක තරණය කරන්න සේම නොහැක්කන් අතර මගදී  ඉන් ඉවත් වන්නේ  තරග කරන්න නොහැකි නිසාම නොවේ.එක්කෝ ඉන් එහා  තරග වදින්නට  ඔවුනට ශක්තියක් නැත.නැතිනම් ඒ ඔවුන්ගේ තරග කාල සීමාවේ අවසානය බව ඔවුන් විසින්ම තීරණය කරන බැවිනි.            ඇතැමෙකු තමාට නොලැබෙන දේ ගැන   පසුතැවෙති.තවකෙකු නො ලැබෙන දෑම පසුපස පන්නති.ජීවිතය නැමැති මහා ධාවන තරඟයේ එකා පසුපස එකා හඹා යෑමට සියල්ලෝ උත්සුක වෙති.මාද ඔබද අප  සියල්ලෝ හති වැටෙන තෙක් දුවති.අනෙකෙකු ගැන තබා තමා ගැනවත් සිතන්නට කාලයක් නොමැත .                  එක් මොහොතක් හෝ නැවතී සිතන්න.තවකෙකු දුවන්නා  සේ ඔබද දුවන්නන් වාලේ දිය යුතුද?ජීවිතය මෙය ද ? ජීවිතයට ඉඩක් දෙන්න .ඔබ ඔබම වන්න.තරග කරන්න.නමුත් ඒ තරඟයේ ජයග්‍රහණය තමන් තනිව භුක්ති විඳිනවාට වඩා තවකෙකුට දිනවන්නට උත්සාහ කරන්න.මන්දයත් තරඟ අවසානයේ ඉතිරි ව ඇත්තේ තවත් තරඟයක ආරම්භයක් පමණි. පසුතැවීමට හෝ දුක් ...